සබරගමු පළාත් සභාවේ කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට


සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු වෙනත් අංශවල කොව්ඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29 තෙක් ඉහළ ගොස් තිබේ .                                                                                                                                 

සබරගමු පළාත් සභාවේ නිලධාරින් කිහිප දෙනෙකුට කොරොනා ආසාදිත බවට වාර්තා විය. ඒ අතර ලේකම්වරියක්ද සිටි.                                                                                                                 

ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙකු සබරගමු පළාත් සභාවේ රියදුරන් බව සබරගමු පළාත්  සෞඛ්‍ය අධ්‍යක්ෂ වෙද්‍ය කපිල කන්නංගර මහතා පැවසීය .                                                                                                                 

සබරගමු පළාත් සභාවේ කොරොනා අවදානම් තත්ත්වය නිසා එහි සේවය කරන පිරිසක් නිරෝධායනයට යොමු කර තිබේ . පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පළාත් සභාවට සේවාවන් ලබාගැනිම  සදහා පැමිණෙන ජනතාව ද සිමාවි තිබේ . මහජන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව රාජකාරි කටයුතු සිදු කරන බව පළාත් සභාවේ ආරංචි මාර්ග පවසයි .                                

රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර

 



Recommended Articles