සඳුදා සිට පාසල් විවෘතවන ආකාරය ගැන නිවේදනයක්


කොවිඩ් වසංගත හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු එළඹෙන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බ​ව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ලබන සඳුදා දිනයේ සිට 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

කෙසේවෙතත් පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු මේ දක්වාත් ආරම්භ වී නොමැති අතර ඉදිරියේදී එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.



Recommended Articles