සනත් නිශාන්ත යතුරු පැදි පැදවීමේදී වරදක් කළාදැයි විමර්ශන


හිස් ආවරණයක් හෝ නොමැතිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් යතුරු පැදි ධාවනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපය අනුව වරදක් සිදුව ඇත්දැයි විමර්ශන පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

එසේම මෙහිදී පොලීසිය විසින් රාකාරිය පැහැර හැරීමක් සිදුකර ඇත්දැයි සෙවීමටද නියෝග කර තිබේ.



Recommended Articles