සතොසේ භාණ්ඩ කිහිපයක මිල පහළට


ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අද (01දා) සිට පහළ දැමීමට කටයුතු කර තිබේ. 

ඒ අනුව රතු කැකුළු කිලෝවක් රුපියල් 6 කින් අඩු කරමින් රුපියල් 199 ක් දක්වාත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 15 කින් අඩු කරමින් රුපියල් 225 ක් දක්වාත්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 30 කින් අඩු කරමින් රුපියල් 225 ක්දක්වාත් සහ හාල්මැස්සන් කිලෝවක් රුපියල් 150 කින් අඩු කරමින් රුපියල් 1150 ක් දක්වාත් මිල අඩුකර තිබේ.

සියලුම සතොස අළෙවිසල්වලින් මෙම සහන මිලට හෙට (1) සිට මෙම මිල ක්‍රියාත්මක වන බව ද සතොස පවසයි.

 



Recommended Articles