සතොසින් සහන මල්ලක්


ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 8 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (8) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම ආයතනය පවසයි.

වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 300 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 850 කි.

චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 120 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 375 කි.

ඉන්දීය සහ පාකිස්තානු ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 50 බැගින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 445 කි.

සුදු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 680 කි.

පාකිස්ථානු අර්තාපල් කිලෝවක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 165 කි.

රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 7 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 298 කි.

සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල්189 කි.

 



Recommended Articles