සතොස සහල් මිල තවත් අඩු කරයි


ලංකා සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ 4ක මිල අද (09දා) සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමා තිබේ.

රතු කැකුළු , සුදු කැකුළු (ආනයනික) කිලෝග්‍රෑමයක් රුපියල් 5කින් සහ සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 4කින් පහළ දමා ඇත. එමෙන්ම වටානා කිලෝග්‍රෑමයක් රුපියල් 10කින් අඩු කර තිබේ.

ඒ අනුව නව මිල රතු කැකුළු 164, සුදු කැකුළු (ආනයනික) 179, සුදු නාඩු 180, වටානා 305 වේ. 



Recommended Articles