සතොස භාණ්ඩ පහක මිල බස්සවයි


ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව ලොකු ලූණු, රතු පරිප්පු, දේශීය ටින් මාලු, වියළි මිරිස් හා හාල් මැස්සන් (තායි) යන භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු කර තිබේ.‍ මෙම මිල අඩු කිරීම හෙට සිට ක්‍රියත්මක වෙයි.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 185කි.

රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 කින් ඩු කර ඇති අතර නව මිල රුපියල් 378ති.

දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 10 කින් අඩුකර අරති අතර නව මිල රුපියල් 480කි.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1780කි.

හාල්මැස්සන් (තායි) රුපියල් 50 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1100කි. 



Recommended Articles