සතොස භාණ්ඩ පහක මිල බස්සවයි


 ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකිරීමට කටයුතු කර තිබේ. මෙම මිල අඩු කිරීම (14දා) සිට දිවයින පුරා ක්‍රියාත්මක සතොස අලෙවි සැල් මගින් ක්‍රියාත්මක කරයි.

මේ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි.

පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි.

සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460කි.

ලොකුලූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190කි.

ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු රුපියල් 5කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 490කි.



Recommended Articles