සතොස භාණ්ඩ තුනක මිල බස්සවයි


ලංකා සතොස මගින් අලෙවිකරන භාණ්ඩ වර්ග තුනක මිල තවදුරටත් පහළ දැමීමට කටයුතු කර තිබේ. මේ අනුව කීරි සම්බා, බී ලූණු හා ටින් මාලු මිල අඩු කිරීමට සතොස කටයුතු කර තිබේ.

මෙම මිල අඩු කිරීම අද (09දා) සිට දිවයින පුරා සතොස ශාඛා හරහා ක්‍රියාවට නැංවෙයි.

කීරි සම්බා කිලෝවක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර නව මිල වන්නේ රුපියල් 215කි. බී ලූණු කිලෝවක මිල රුපියල් 16කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 199කි.  ග්‍රෑම් 425 ටින් මාලු ඒ්කකයක මිල රුපියල් 35කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 495කි.

 



Recommended Articles