සතොස භාණ්ඩ ඇණවුම් කිරිමට ක්ෂණික දුරකථන අංකයක්
කොළඹ නගරයේ ස්ථාන 13 ක අද දිනයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, යුද හමුදාවේ ට්‍රක් රථ 13 ක් ඒ වෙනුවෙන් යොදවා ඇති බවයි.
විශේෂයෙන් මහල් නිවාස සංකීර්ණ ආසන්නයේ වෙසෙන ජනතාවට එම භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.
මේ අතර අද දිනයේ සිට දිවයින පුරා ඇති සතොස ශාඛා සියල්ල විවෘත කරන බව රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
සභාපතිවරයා පැවසුවේ ප්‍රාදේශිය ලේකම්වරුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් කර ලබාදීම සඳහා සතොස ශාඛා විවෘතව තැබෙන බවයි
1998 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෙට(ජුනි 01) සිට සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමට ද ජනතාවට අවස්ථාව හිමිවෙනු ඇත.
Recommended Articles

