සතොස භාණ්ඩ 6ක මිල පහළ දමයි


ලංකා සතොස මගින් අලෙවි කරන භාණ්ඩ වර්ග 6ක මිල පහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව පාන්පිටි, ලොකු ලූණු, රතු පරිප්පු, සුදු සීනි, කඩල හා දේශීය සුදු නාඩු මිල මෙසේ අඩුකර තිබේ.මෙම භාණ්ඩ මිල අඩුකිරීම අද (01දා) සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස් අලෙවි සැල් හරහා ක්‍රියාත්මක බව සතොස නිවේදනය කරයි.

මිල අඩුකර ඇති ආකාරය

පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් අඩුකර ඇති අතර නව මිල රු. 210කි.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 14කින් අඩුකර ඇති අතර නව මිල රු. 115කි.

රතු පරිප්පු කිලෝවක් රුපියල් 11කින් අඩුකර ඇති අතර නව මිල රු. 314කි.

සුදු සීනි කිලෝවක් රුපියල් 10කින් අඩුකර ඇති අතර නව මිල රු. 229කි.

කඩල කිලෝවක් රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රු. 545 කි.

දේශීය සුදු නාඩු කිලෝවක් රුපියල් 4කින් අඩුකර ඇති අතර නව මිල රු. 175කි.



Recommended Articles