ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. වියළි මිරිස්, ලොකු ළුණූ, දේශීය රතු කැකුළු, පාන්පිටි යන භාණ්ඩවර්ග මිල අඩුකර තිබේ.
වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 25කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1675කි.
ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 165කි.
දේශිය රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 169කි.
පාන්පිටි කිලෝවක මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 230කි.
මෙම මිල අඩු කිරීම හෙට (2දා) සිට ක්‍රියාත්මක බව ලංකා සතොස වැඩිදුරටත් පවසයි.

