සතොස තවත් භාණ්ඩ 7ක මිල බස්සවයි


ලංකා සතොස උත්සව සමය ඉලක්ක කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.එම භාණ්ඩ අඩු කළ මිලට අද (23) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

මේ අනුව 

රතු පරිප්පු කිලෝවක් රුපියල් 11 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 374කි.

සුදු සීනි කිලෝවක් රුපියල් 6 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 218කි.

අර්තාපල් කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 285කි.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 1780කි.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 185කි.

දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) එකක් රුපියල් 15 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 475කි.

හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50 කින් අඩුකර තිබේ. නම මිල රුපියල් 1100කි. 



Recommended Articles