සතුන්ගෙන් වගාවට සිදුවන හානි නැතිකරන්න ඇමති දැඩි ස්ථාවරයක


 “පහුගිය මාස 06 ට පොල්ගෙඩි මිලියන 93 ක් සත්තු විනාශ කරලා, වී වගාවේ 5.5 % කට  සතුන්ගෙන  හානි සිදු වෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් දහස් ගණනක්. ඉත්තෑවා, මොනරා, දඬු ලේනා, වල් ඌරා, රිලවා, වඳුරා, මේ අය කරන හානිය හිතා ගන්න බැරි තරම්. බිලියන් පනස් ගණනක් කියනවා අවුරුද්දකට. ඒ නිසා ඉදිරි අවුරුදු 02 යන්න ඉස්සරලා මේ සත්ත්ව හානිය අඩුම තරමේ 50% කින් අපි අඩු කරන ක්‍රමවේද වලට යනවා” යැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, කෘෂිකර්ම අමාත්‍යංශය යට‌තේ ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතිය පිළිබඳ අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රනෝරාව ගොවිජන සේවා බල ප්‍රදේශයේ බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

පහුගිය මාස 06 ට පොල්ගෙඩි මිලියන 93 ක් සත්තු විනාශ කරලා කියලා,  හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානය වාර්ථාවක් හදලා දුන්නා, මටත් ඒක විශ්වාස නැති නිසා ආයේ තහවුරු කර ගන්න කිව්වා,  වී වගාවේ 5.5 % කට  සතුන්ගෙන  හානි සිදු වෙනවා, පහ හමාරක් කියන්නේ මෙට්‍රික් ටොන් දහස් ගණනක්, මේ වගේ විශාල සත්ත්ව හානියක් තියෙනවා.

ඒ නිසා අපි දැන් ඒකට සැලැස්මක් සකස් කරලා දැන් අවසාන මට්ටමට ඇවිල්ලා තියෙනවා, සතුන් ගැන පෙනී සිටින සත්ත්ව ලෝලී සංවිධාන වලට එන්න කියලා කිව්වා ඒ අයගේ යෝජනත් දෙන්න, අපේ යෝජනා කියන්නම් ඊට පස්සේ කියලා. ජාත්‍යන්තරවත් මේකට කරපු ක්‍රමවේද පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා, ඉත්තෑවා, මොනරා, දඬු ලේනා, වල් ඌරා, රිලවා, වඳුරා, මේ අය කරන හානිය හිතා ගන්න බැරි තරම්, බිලියන් පනස් ගණනක් කියනවා අවුරුද්දකට, ඔය ටික ඉතුරු කර ගත්තත් අපිට ඇති.

ගොවියෝ කියන්නේ අපිට වගා කරන්න කියනවා, අපි වගා කරාට සත්තු ඇවිල්ලා කනවානේ කියලා.මේකට විසඳුමක් දෙන්න කියනවා.මම ඇහුවම මොනවද ඕන විසඳුම කියලා.වායු තුවක්කු දෙන්න කියනවා, එක එක දේවල් කියනවා, මේ එකකින්වත් විසඳුම් නෑ, සත්තව ලෝලීන් ගෙනත් කථා කළාම එක මහත්මියක් කියනවා අක්කර 05 ක් වගා කරන කොට අක්කර භාගයක් ඉතුරු කරන්නලු සත්තුන්ට කන්න.මම ඇහුවා ඒ ගාන දෙනවාද කියලා.

 නැත්නම්‌ෙ ගොවියෝ එහෙම වගා කරන්‌නේ නෑනේ. විවිධ අය විවිධ අදහස් කියනවා. පස්සේ කණ්ඩායමක් ඇවිත් කිව්වා යෝජනා ගේන්න විද්‍යාත්මකව අපි විසඳුම් හොයමු කියලා.මාසයක් දෙන්නම්, ඊළඟට අපි අපේ යෝජනාව ක්‍රියාත්මක කරනවා කියලා මම කිව්වා, ඒක මොන විදිහේ ක්‍රමයක්ද කියලා මම කියන්නේ නෑ, සියලු දෙනාගේ අදහස් අරගෙන ඉදිරි අවුරුදු 02 යන්න ඉස්සරලා මේ සත්ත්ව හානිය අඩුම තරමේ 50% කින් අපි අඩු කරන ක්‍රමවේද වලට යනවා, ඒක ගොවි ජනතාවට තවත් ශක්තියක් වෙයි”



Recommended Articles