සති අන්තයට තවත් සුඛෝපභෝගී දුම්රිය සේවා


සති අන්තයට තවත් සුඛෝපභෝගී දුම්රිය සේවා කිහිපයක් ක්‍රියාත්මක කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. බදුල්ල බලා ක්‍රියාත්මක සති අන්ත සුඛෝපභෝගී දුම්රිය සේවය අද ගමන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.

ඒ අනුව අනුරාධපුර, මහනුවර හා බෙලිඅත්ත වෙත මෙම සති අන්ත දුම්රියන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. මෙම දුම්රිය සේවා හරහා සති අන්තයේ විනෝද හා අධ්‍යාපන චාරිකා වල යෙදීමේ අවස්ථාව ජනතාවට ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

 



Recommended Articles