සති අන්ත තුනක් නව කැළණි පාලම වසයි


කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ නව කැළණි පාලමේ සිදුකරනු ලබන සංවර්ධන කටයුත්තක් හේතුවෙන් සති අන්ත තුනක් එම කැළණි පාලම වසා තැබීමට කටයුතු කර න බව මාර්ග සංවර්දන අධිකාරිය විසින් අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට දැනුම් දී ඇතැයි පොලීසිය පවසයි.

නව කැළණි පාලම වසා තබන අවස්ථාවේදී එම පාලම විවෘත කිරීමට පෙර රථවාහන ගමන් කළ ආකාරයට කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමට හැකියාව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය කියයි.

ඒ් අනුව,

2023/12/01 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/4 සඳුදා උදෑසන 6.00 දක්වා,

2023/12/08 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/11සඳුදා උදෑසන 6.00 දක්වා,

2023/12/15 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/ 18 සඳුදා උදෑසන 6.00 දක්වා,



Recommended Articles