සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දින තුනට රු කෝටියක් උපයයි


ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කෝවිඩ් වසංගතයෙන් පසු විවෘත කර ජනවාරි මස 14, 15, 16 යන තෙදින තුළ වාර්ථාගත රුපියල් 10,344,221.94 ක මුදලක් ආදායම් ලෙස උපයා ගැනීමට සමත්ව ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

මේ අනුව දේශීය සංචාරකයින් 61256 ක්ද විදේශීය සංචාරකයින් 790 ක්ද පැමිණ ඇත .දෙහිවල ජාතික සත්වෝද්‍යානය රුපියල් 3,423,001.94 ක්ද, පින්නවල අලි අනාථාගාරය රුපියල් 2,695,430 .00  ක්ද, පින්නවල සෆාරි උද්‍යානය රුපියල් 980,050.00 ක්ද හම්බන්තොට සෆාරි උද්‍යානය රුපියල් 3,245,740.00 ක්ද උපයාගනු ලැබ ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩිදුරටත් පැවසුවාය



Recommended Articles