රත්මලාන, කොතලාවලපුර, 'රණසිංහ ප්‍රේමදාස මහල් නිවාස සංකීර්ණය' ඉදිරිපිට පැවති පිළිගැනීමේ හමුවට එක්ව සිටි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම අමතමින් සිටින විට ගල් ප්‍රහාරයක් එල්ල විය. ඊයේ (29දා) පස්වරුවේ මෙම ගල් ප්‍රහාරය එල්ල විය.
“ගල් ගැහුවට මම යන්නේ නෑ. ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. අපි හැමෝම දන්නවා මේ රත්මලානේ දේශපාලනය කවුද මෙහෙයවන්නේ කියලා. මදාවියොන්ට බයේ මම ඉන්නේ නෑ.
ඒ නිසා මම ඕනම දේකට ඕනම අභියෝගයට මුහුණ දෙන්න ලෑස්තියි. මම කිසිසේත්ම බිය වන්නේ නෑ. මගේ ඇඟේ තිබෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ ලේ. ඒ නිසා කාලතුවක්කුවටවත් මාව එලවන්න බෑ.”