සජිත්ගේ මැතිවරණ ප්‍රදර්ශන පුවරු මැ.කො ඉවත් කරයි


“සමගි ජන බලවේග” ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කරන එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපය සහ නම ඉවත් කරන ලෙස අද (25දා) මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේය.

අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇතුල්කෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයට පැමිණ අදාළ දැනුම්දීම ලිඛිතව ලබා දුන්නේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙක් වන බැවින් එලෙස ඔහුගේ නම සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට නොහැකි බැවින් මෙලෙස දැනුම් දෙන බව එම නිලධාරීන් සඳහන් කළේය.

 

 



Recommended Articles