විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ආරාධනාවක් අනුව විපක්ෂනායක කාර්යාලයේ පැවැති වැඩසටහනකට තමන් එක්වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ විපක්ෂනායකවරයාලේ පුද්ගලික ආරාධනාවක් මත තමන් ඒ් සඳහා ඒක්වූ බවත් කිසිසේතම එය දේශපාලන සාකච්ඡාවක් නොවන බවයි.
විපක්ෂනායක තුමාගේ පුද්ගලික ආරාධනයක් මත, ස්වාධින මතධාරීන් පිරිසක් විසින් ඔහුගේ කාර්යාලයේදී ඉදිරිපත්කරනු ලැබූ 'ප්‍රතිසංස්කරණ' යෝජනාවලියකට සහභාගී වී මගේ අදහස් පලකලෙමි. පොරොන්දු වූ පරිදිම එය කිසිසේත්ම දේශපාලන සාකච්ඡාවක් නොවිනි.
— Dr.NalakaGodahewa(PhD,MBA,BSc.Eng(hons),FCIM,FCMA) (@GodahewaNalaka) June 13, 2022