සජිත් ප්‍රේමදාස දැන් ජයග්‍රහණය කරලා ඉවරයි - සොයිසා


සජිත් පේ‍්‍රමදාස ජනතාවගේ ගද සුවඳ  හඳුනන දුප්පතාගේ දුක දන්න නායකයෙක් බව පාර්ලිමේන්තු  මන්ති‍්‍ර විජිත් විජයමුනි සොයිසා මහතා පවසයි .

මාතර , අකුරැස්ස  නගරයේ පැවති ජන හමුවකදි ඔහු  මේ  බව පැවසිය .

එහිදි අදහස් පළකල ඒ මහතා ,

"මට පෙනවා  තමුන්නාන්සෙලා පුදුම උද්යෝගයකින් ඉන්නවා 16 වෙනිදට සජිත් පේ‍්‍රමදාස මහත්තයා ජයග‍්‍රහණය කරවන්න . සජිත් පේ‍්‍රමදාස දැන් ජයග‍්‍රහණය කරලා ඉවරයි .  දැන් අපේ සටන 50% ට වැඩිය ගන්න එකයි . ඒක ටිකක් අමාරු වැඩක් වුණත් කරන්න පුළුවන් දෙයක් . ඒක යුඑන්පි කාරයට විතරක් කරන්න බැහැ . ඒකට එකතු වෙන්න ඕන  මම වගේ ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අය . දැන් නිකමට බලන්න අපේ පක්ෂයේ ඉදලා පොහොට්ටුවට එකතු වුණ  අයට වෙනදට  කෙහොමද සැලකුවේ  කියලා .  ඕක  පටන් ගත්තෙ කුරුණැගලින් මටත් හුවක් තිබ්බා. මම ඒකට කවියක් කිවුවා ඊට පස්සේ ආයේ කිව්වේ  නැහැ . මම මහින්ද , ගෝඨා, බැසිල්ලට බය නැහැ . මොකද මහින්ද මහත්තයා බලයට ගේනකොට ඔය කවුරුවත් හිටියේ නැහැ . පාදා යාත‍්‍රා ගිහින් , ජන ඝෝෂා තියලා තමයි එතුමා ගෙනාවේ . අන්න ඊට පස්සේ  තමයි අර අය ලංකාවට ආවේ . ගෝඨගේ නෝනාට , දුවට , පුතාට , බැසිල්ට මේ  කාටවත් මෙහේ ඡන්දය නැහැ .  ඇමරිකානු පුරවැසියෝ . මේ  අය පරදේශකාරයෝ .  අපි රට වැසියන්. අපි ඉපදුණේ  මෙහෙ මැරෙන්නේ  මෙහේ .

 ඒ නිසා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ , කොමියුනිස්ට්  පක්ෂයේ අයට අපි කියනවා රටේ  පුරවැසියෙකුට ඡන්දය දෙන්න කියලා . අර කතාවක් තියෙනවනේ ලිහලා බලපු මල්ල ඔබලා බලන්න ඕන  නෑ  කියලා . සජිත් පේ‍්‍රමදාස කියන්නේ ජනතාවගේ ගද සුවඳ හඳුනන , දුප්පතාගේ දුක හඳුනන නායකයෙක්.  එතුමා එක්ක ඕන  වෙලාවක කතා කරන්න පුළුවන් සරල මනුස්සයෙක් .  එතුමා ළඟින් ගෝඨා තියන්නවත් බැහැ . ඒ නිසා අපි සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා 16 වෙනිදා සජිත් පේ‍්‍රමදාස ජයග‍්‍රහණය කරවලා රටේ  සංවර්ධන ඉදිරියට ගෙනියන්න රට ස්වයංපෝෂිත කරන්න කටයුතු කරන්න කියලා’’ යැයි සොයිසා මහතා වැඩිදුරටත් පැවසිය.



Recommended Articles