සජිත් ජනපතිගෙන් ප්‍රශ්න 6කට පිළිතුරු ඉල්ලයි


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී ජාතිය ඇමතීමට නියමිත අතර එහිදී ප්‍රශ්න 6ක් සසඳහා පිළිතුරු අපේක්ෂා කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

• පැවති මිලට ම ඉන්ධන මිල ගණන් පහත දැමීම.

• පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතවසිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීම.

• එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් විනාශ වී පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම.

• ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින දරුවන් වෙනුවන් ඉතා ඉක්මන් විසඳුම් ලබා දීම.

• කොරෝනා වසංගත ව්‍යාප්තියට පාලනයට නිසි පියවර ගැනීම (එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, රෝහල් පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම)

• කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීම

යන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂා කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.



Recommended Articles