එජාපය සමග දේශපාලන ඩීල් තියෙනවා කියලා සජිත් වගේ කෙනෙකුට හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.මොකද එතුමා කියන කතා කරන දේවල් ගත්තම පාසල් යන පුංචි දරුවෙක් සෙල්ලමට කියන කතා වගේ තමයී මට තෙරෙන්නේ. ඒතුමගේ තියෙන දේශපාලන අවබෝධය අත්දැකිම් හා අධ්‍යාපනය මට්ටම අනුව එතුමා කියන දේවල් අපි හිනාවෙලා උපහාසයෙන් බැහැර කරනවා හැරෙන්න ඒ ගැන කියන්න දෙයක් නෑ යැයි නුවරඑළීය දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක එස්.බි දිසානායක මහතා පැවසීය.
එස්.බි.දිසානායක මහතා එසේ පැවසුවේ තලවාකැලේ - දිඹුප පතන ප්‍රදේශයේදි පැවති ජන හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
තුනෙන් දෙක අපි අරගෙන ඉවරයී.පසුගිය ඡන්දය බැලුවාම අපි නුවරඑළිය ,අනුරාධපුරය ,වව්නියාව,මුලතිව් වගේ දිස්ත්‍රික්ක දිනුවම අපිට 126 ක් තියෙනවා.අපිට කුරුණෑගල .කොළඹ වගේ දිස්ත්‍රික්ක වලින් තුනක් හෝ හතරක් වැඩියෙන් ගන්න පුළුවන්. ගම්පහ.හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් අපිට දෙකක් හෝ තුනක් වැඩියෙන් ගන්න පුළුවන්. කලුතර.මාතර.මොණරාගල.කෑගල්ල වගේ තැන්වලින් එකක් හෝ දෙකක් වැඩිපුර ගන්න පුළුවන්. එතකොට අපි 150 පන්නලා 154 හෝ 155 වගේ මට්ටමකට යනවා . ඒ නිසා අන්තවාදීන් නැති , ශක්තිමත් තුනෙන් දෙකේ ආණ්ඩුවක් පොදුජන පෙරමුණ ට ජනාධිපතිතුමා ට අගමැතිතුමා ට හදාගන්න පුළුවන්.
ලෝකයේ අනිත් රටවල් වලට වඩා ශ්‍රි ලංකාව තුල කොරෝනා රෝගය අපේ රජය වෛද්‍යවරු ත්‍රිවිධ හමුදාව පොලිසිය පාලනය කරලා තියෙනවා. අවාසනාවන්ත සිදුවීමක් නිසා පුංචි තත්ත්වයක් ඇතිවුනා. හැබැයී ඒක වහාම පාලනය කරගන්න අපේ සෞඛ්‍ය බලධාරීන්ට ත්‍රිවිධ හමුදාවට පොලිසියට ජනාධිපතිතුමාට රජයට හොඳටම ශක්තිය තියෙනවා. ඒ නිසා පුංචි පුංචි වෙනස්කම් ටිකක් සිද්ධවෙයී . ජනාධිපතිතුමා අද දිනය පුරා නුවරඑළියේ සංචාරය කරන්න තිබුණේ. ඒක අවලංගු කළා. අගමැතිතුමාගේ සංචාරත් තාවකාලිකව අවලංගු කළා.අපිට ලොකු රැස්වීම් තියන්න එපා පොඩි රැස්වීම් විතරක් තියන්න කියලා උපදෙස් එවලා තියෙනවා.නමුත් ඒ ඇරෙන්න මේක ඉතා ඉක්මනින් පාලනය කරගයි. ඒ නිසා ඡන්දය වෙනසක් නැතිව ඉස්සරහට යයි.
ගාමිණි බණ්ඩාර


