සජිත් ඇතුළු පිරිසක් එජාප කෘත්‍යාධිකාරී රැස්වීම වර්ජනය කරයි


අද (30දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක එක් නොවීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් කිසිවෙකුත් ඉවත් නොකරන ලෙසට දන්වා තිබියදී සජිත් ප්‍රේමදාස මහතාට සම්බන්ධ පිරිසක් ඉන් ඉවත් කිරිම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට සම්බන්ධ තවත් පිරිසක් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්වීමේ අදහසින් පසුවන බවද වාර්තා වෙයි.



Recommended Articles