ඒ සඳහා මාර්ගගත දත්ත සුරක්ෂිතභාවය යන වචන ඉදිරිපත් කර සමාජ මාධ්‍යවල අයිතිය රජය අතට ගෙන මාධ්‍ය මර්දන ක්‍රියාවලියකට මුල පුරා ඇති බවද ඔහු පැවැසීය.
රජය සිදු කරන මෙම මාධ්‍ය මර්දන ක්‍රියාවලිය ත්‍රස්තවාදයක් බැවින් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ජනතාව සමග පාරට බැස මෙම මාධ්‍ය මර්දනයට හා සමාජ මාධ්‍ය පාලනයට විරුද්ධව කටයුතු කරන බවත් සමාජ මාධ්‍යවල න්‍යායපත්‍ර රටේ ජනාධිපතිගේ හා රජයේ අතට ගැනීමට යන මේ උත්සාහ තුළ තවත් අරගලයක් නිර්මාණය වන බවත් ඒ තුලින් ලොකු පුටු පවා අහිමි වී යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (23) දෙවිනුවර ධීවර වරායේ සංචාරය අතරතුර මාධ්‍යවෙත අදහස් දක්වමිනි.
මන්දිරවල සුවයහන්වල සිට වායුසමීකරණ කාමරවල සිට තවදුරටත් ජනතාවගෙන් සැගවී සිටිය නොහැකි බවත් මහ පොළොවට පය ගසා ධීවරයන්ගේ දුකට සවන් දෙන ලෙසත් කාමරවල සිටි මාධ්‍ය මර්දනය හා මාධ්‍ය නිදහස විනාශ කිරීමට පිඹුරු පත් සකසනවා වෙනුවට මහ පොලොවේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසත් යම් හෙයකින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළ හොත් එවන් රාජ්‍ය ත්‍රස්තවාදි මර්දනයකට විපක්ෂය කිසිදින ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

