සජබ අරගලය 15 දා ඇරඹෙයි


මේ වන විට රට පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් රට නැවත වරක් සෞභාග්‍යය කරා ගෙනයාමේ හැකියාව සමගි ජන බලවේගය සතු බවත් ඒ සඳහා යම් යම් කැපකිරීම් කරන්නට සිදුවනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .

ඒ මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි උභය මහ විහාරිය මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු ඊයේ  (06) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ඒ බව අවධාරණය කරමින්මෙසේ පැවසීය .

“මේ රටේ ලක්ෂ 220 ක ජනතාව වත්මන් ආණ්ඩුව යටතේ අසීමිත පීඩනයකින් හා අසහනයකින් දිවිගෙවමින් සිටිනවා. ඔවුන්ගේ ජන දුක නිවන පොදු ජන අරගලය සමගි ජන බලවේගය විසින් මේ මස 15 වැනි දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා .

රටේ විරැකියාව වැඩි වී උද්ධමනය ඉහළ ගොස් ආර්ථිකය සෘණ අගයක් දක්වා පහත වැටී තිබෙනවා . නිවැරදි උපාය මාර්ග වෙත යොමු වීම ඔස්සේ මේ අර්බුද වලින් ගොඩ ඒමට හැකියාව තිබෙනවා . සමගි ජන බලවේගය රජයක් පිහිටුවීමෙන් පසු ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය හා මන්ත්‍රීවරු කැපකිරීම් සිදු කර රටට හා ජනතාවට ආදර්ශයක් ලබාදෙනවා.”

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles