සඟවා තබා ඇති වි සහල් හා සිනි තොග වැටලිම් තවදුරටත්


සඟවා තබා ඇති වී , සහල් සහ සීනි තොග වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

අද පෙරවරු 06 දක්වා දින 14ක් තුළ පාරිභෝගික සේවා අධිකාරිය කළ වැටලීම් වලින් වී මෙට්‍රික් ටෝන් දාහතරදහස් හාරසිය දහසයක් සහිත ගබඩා 76 කට මුද්‍රා තබා තිබෙනවා.

මෙම වී තොග වලින් විශාල ප්‍රමාණයක් එම අවස්ථාවේම වී අලෙවි මණ්ඩලයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ වී මෝල් හිමියන් දැක්වූ එකඟතාව මතයි. ඉතිරි වී තොග සහිත ගබඩා ඉදිරි නීතිමය කටයුතු සඳහා මුද්‍රා තබා තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකර අනවසර ලෙස සීනි ගබඩාකර තිබූ මහනුවර කුණ්ඩසාලේ තොග ගබඩාවේ සීනි තොගය සමූපකාරය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙනුයි. සීනි මෙට්‍රික්ටොන් 313 කින් සමන්විත මෙම තොගය සමූපකාර සහ කෝප් සිටි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයින්ට සහන මිලට ලබාදීමට නියමිතයි.

 



Recommended Articles