සංචාරක හෝටලයේ පිපිරී ගැන කණ්ඩායම් කිහිපයක් විමර්ශනයක


මාතර, ඇවරිවත්ත ප්‍රදේශයේ කුඩා සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් මේ වන විට කණ්ඩායම් කිහිපයක් යටතේ පරීක්ෂණ පවත්වයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මාතර කොට්ඨාස අපරාධ ඒකකය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එසේම රජයේ රස පරීක්ෂක හරහාද පරීක්ෂණයක් සිදුකිරිමට නියමිත බවත්, වැලිගම පොලීසියද පරීක්ෂණ බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම පිපිරීම අදාළ හෝටලයේ මුළුතැන්ගෙය පිහිටි පැත්තෙන් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.



Recommended Articles