සංචාරක ව්‍යාපාරය දෙස වපර ඇසින් බලන්න එපා


මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ හෙලීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට  හසුනොවී  සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සහාය වන්නැයි  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග  ජනතාවගෙන් ඉල්ලයි.

අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක කර්මාන්තය තුලින්  කොවිඩ්  වසංගතය ව්‍යාප්ත වන බවට ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමට ඇතැමුන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි.

එවන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට සහය දැක්වීම වෙනුවට සංචාරක ව්‍යාපාරය දෙස වපර ඇසින් නොබලා සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම තුළින් මෙරට ආර්ථිකය  ශක්තිමත් කිරීමට එක්වන්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

 



Recommended Articles