මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි 21 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 988669ක් පැමිණ තිබේ. මැයි මාසයේ ගතවූ දින 21ක කාලය තුළදී පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 91785කි. මැයි මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
එසේම මේ වසරේ ගතවූ මාස කිහිපයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබූ රට වන්නේද ඉන්දියාවයි.