2026 වසරේ සංචාරක පැමිණීම මිලියන 2 ඉක්මවූ බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ් අනුව අද දිනයේදී සංචාරකයන්මිලියන දෙක ඉක්මවූ බවත් අඛණ්ඩව මේ වන විට වසර තුනක් ශ්රී ලංකාවේ සංචාරක පැමිණිම මිලියන දෙක ඉක්මවා ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2024 වසරේ දෙසැම්බර් 26, 2025 වසරේ නොවැම්බර් 17 හා 2026 වසරේ නොවැම්බර් 20 දා යන දිනවලදි මෙසේ සංචාරක පැමිණීම මිලියනදෙක ඉක්මවූ බවද ඒම අධිකාරිය පවසයි.
මිලියන දෙක ඉක්වමින් අද ශ්රී ලංකාවට පැමිණයේ රුසියානු ජාතික පවුලක් වන අතර එම පවුල සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය.

