සංචාරක ගමනාන්ත ගම්මාන 25කට ලක්ෂ 2500ක්


මේ වසරේ සංචාරක ගමනාන්ත ගම්මාන 25 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. සෞභාග්‍යයා ගම්මාන ව්‍යාපෘතියේ යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ එක් සංචාරක ගමනාන්ත ගම්මානයක් සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 100 කි.

සංචාරක ආකර්ශනිය ස්ථාන ආශ්‍රිත ගම්මානවල වෙසෙන ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලිම අරමුණ වී ඇති අතර, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධනය හා ඌණ උපයෝජන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි.

මෙම සංචාරක ගමනාන්ත ගම්මාන තෝරා ගැනීම. සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය හා සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජිත රාජ්‍ය අමාත්‍යාංශය මගින් ඒකාබද්ධව සිදු කෙරේ.

මෙම සංචාරක ගමනාන්ත ගම්මාන තෝරා ගැනීමේ දි විවිධ සංචාරක ක්ෂේත්‍ර ආවරණය වන සංචාරක ආකර්ෂණීය ස්ථාන සහිත ගම්මාන ඒ සදහා තෝරා ගැනීමට නියමිතය.

 



Recommended Articles