ජූනි 21 න් පසු සංචරණ සීමා ඉවත් කර රට විවෘත කරන්නේද යන තීන්දුව ගත හැක්කේ පවතින තත්වය විශ්ලේෂණය කර ජූනි 19 හෝ 20 වැනිදා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

