සංචරණ සීමා කාලයේ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්න


සංචරණ සීමා පනවා ඇති මෙම අවස්ථාවේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගන්නා ලෙසට ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහි අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ මීට අදාළ වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාංශයෙන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් ලබා ගත හැකි බවයි.

කොවිඩ්-19  තත්ත්වය ආරම්භක අවස්ථාවේ සිට මේ වන තෙක් අදාළ සේවාවන් අඛණ්ඩව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.



Recommended Articles