සංක්‍රමණික ගුවන්මගීන්ට පැය 06ක වැඩිපුර කාලයක්


කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට ලබා දී තිබූ කාලය තවත් පැය 06 කින් දීර්ඝ කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම අද (22) දින  නිකුත් කළ   නිවේදනයක සඳහන් වේ. 

ඒ අනුව සංක්‍රමණික ගුවන් මගීන්ට කටුනායක ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට මෙතෙක් ලබා දී තිබූ පැය 06 ක කාලය , පැය 12 ක් දක්වා දීර්ඝ කර තිබේ .

සංක්‍රමණික ගුවන් මගීන් කිසියම් රටක සිට පැමිණ , වෙනත් රටක් කරා යෑමට , තවත් ගුවන් යානයක් පැමිණෙන තෙක් මෙසේ කටුනායක ගුවන් තොටුපළ තුළ රැදී සිටීම සිදුවේ .

කටුනායක ගුවන් තොටුපළ මෙසේ සංක්‍රමණික ගුවන් මගීන් බහුල ලෙස හුවමාරු වන මධ්‍යස්ථානයක් බවට පත් වී තිබුණි .

එහෙත් කොවිඩ් - 19 වසංගත රෝග තත්ත්වය යටතේ , මෙවැනි සංක්‍රමණික ගුවන් මගීන්ගේ පැමිණීම ද බොහෝ සේ අඩු වී පවතී .



Recommended Articles