ෂීෂෙල්ස් සිට ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ෂීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25)  දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ශ්‍රී ලන්කන්  ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන විශේෂ ගුවන්  යානය ෂීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා නුවර ගුවන් තොටුපළේ සිට අද  දින දහවල් 1.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ශ්‍රී ලාංකිකයන්  ෂීෂෙල්ස් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කෙරුණි .



Recommended Articles