ෂීෂෙල්ස් සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


ෂීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 170 දෙනෙකු  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද  දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

අද  දින සවස 4.30 ට ෂීෂෙල්ස් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පිරිස පැමිණීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .



Recommended Articles