ෂැම්පු බෝතලයේ සඟවාගෙන සැමියාට අයිස් ගෙනා බිරිඳ අල්ලයි


සැම්පු බෝතලයක අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සඟවාගෙන කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සැමියාට  ලබාදීමට අත දරුවෙකුද වඩාගෙන පැමිණි කාන්තාවක අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය පැවසීය.

බන්ධනාගාර නියාමක අමිල අබේසේකර සහ නියාමිකා පුෂ්පලතා යන  දෙදෙනා විසින්, සැකකාරිය  රැගෙන ආ සැම්පූ බෝතලය පරීක්ෂා කිරීමේදී අයිස් මිලිග්‍රෑම් 9000 ක් සහ ගංජා මිලිග්‍රෑම් 6410 ක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකාරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කළුතර උතුර පොලිසියට බාරදී තිබේ.

කළුතර උතුර ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස්  පරිදි පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය



Recommended Articles