ශීත සෘතුවට පෝලන්තයේ සිට සංචාරකයන් අරන් එයි


ශීත ඍතුව වෙනුවෙන් පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) 12/23 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවයට ( Smart Wings ) අයත් 3.ඉසෙඩ්.- 7648 දරන මෙම ගුවන් යානය 12/23 දින රාත්‍රී 10.10 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පළමු ගුවන් ගමන සදහා බෝයිං - 737 වර්ගයයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 180 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 09 දෙනෙකු පැමිණ සිටියහ.



            මින් පසුව මෙම පෝලන්ත ස්මාර්ට් වින්ග්ස් ගුවන් යානා සතියකට එක් වරක් , එනම් සෑම අගහරුවාදා දිනකම , එළඹෙන 2026 වසරේ මාර්තු මස 15 දින තෙක් , පෝලන්තයේ වෝර්සෝ නුවර  සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

                    මෙම ගුවන් යානා මගින් පැමිණෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ තීර , සීගිරිය , දඹුල්ල , මහනුවර , නුවරඑළිය සහ යාළ යන ප්‍රදේශ වල සංචාරය කිරීමට නියමිතය .

               මෙසේ පැමිණි පෝලන්ත සංචාරයකයන් පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ජෙට් වින්ග් සංචාරක සමාගමේ නිලධාරීන් විසින් උත්කර්ෂවත් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළ තුළ දී පිළිගනු ලැබීය .

 

 


Recommended Articles