ශිෂ්‍යත්වයට හා උපෙළ දින නියම වෙයි- දෙවැනි හා තෙවැනි වාර පාසල් නිවාඩුවත් වෙනස් වෙයි


2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වීමට නියමිතය. අ.පො.ස. (උසස් පෙළ) විභාගය  2023.01.23  සිට 2023.02.17 දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව,2022 වර්ෂයේ  දෙවන  හා තෙවන වාර නිවාඩුවද සංශෝධනය කර තිබේ.

 



Recommended Articles