ශිෂ්‍යත්වය පෙරවරු 9.30ට ඇරඹේ


2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ආරම්භවීමට නියමිතය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමටද නියමිත අතර විභාගය පස්වරු  12:15ට අවසන් වීමටද නියමිතය.

අද දිනයේදී ආරම්භ වන ශිෂ්‍යත්ව විභාගය අතරතුර යම් කිසි ආපදා තත්ත්වයක් මතු වුවහොත් ක්ෂණික ඇමතුම් 117 අංකය අමතා දැනුවත් කළ හැකි බවවිභාග දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles