ශිෂ්‍යත්වය ගැන තීරණය 2029දී


05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ක්‍රමිකව විකාශනය වීමට හැර 2029 වන විට ශිෂ්‍යත්ව විභාගය ගැන තීරණයක් ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ අද (24දා) පැවති සභාව කල් තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"ශිෂ්‍යත්වය ගැන අපි කතා කළා. කොටස් 05 ඔස්සේ කාලයක් මේ වැඩපිළිවෙල යනකොට දෙමව්පියන්ට ඕනී නැතිවෙයි නගරයට ළමයෙකු ගෙනියන්න. උදේ 04ට නැගිටලා ලොකු පොත් බෑගයක් එක්ක යන්න අවශ්‍ය නැතිවෙයි. ඒ නිසා ඒක ක්‍රමිකව විකාශනය වීමට අරිනවා. 2028 වන විට අපි යම්කිසි සමාලෝචනයක් කරලා 2029 වෙද්දි අපි ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් නැවත තීරණයක් ගන්නවා. අපි හිතනවා ශිෂ්‍යත්වයේ අවශ්‍යතාවය එන්නේ මොකක්ද? මේ සියල්ලම විසිරිලා යනවා නම් සමානව අවශ්‍යතාවය එන්නේ නෑ කියන එක."

 



Recommended Articles