ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තීරණය කළා - ජනපති


05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදිමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවධානය යොමු කරමින් එම තීරණයට එළැඹි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ,මෛතී‍්‍ර ශිල්ප කලා මණ්ඩපය, අද (25දා) පස්වරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දිමනාවක් ලබාදීමේ අරමුණින් වුවත් අද එය ජනපි‍්‍රය යැයි සම්මත පාසලකට ඇතුලත්වීමේ තරගයක් වී අති බව ජනාධිපති සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙන බව මෙහි දී පැවසු ජනාධිපතිවරයා එබැවින් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද ගැටලුවක් පවතින බව සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ  සිදුවිය යුත්තේ ජනපි‍්‍රය යැයි සම්මත පාසල් සඳහා ඇතුලත්වීමේ තරඟයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීම බවත් එහි වගකීම අදාළ ප‍්‍රදේශවල මැති ඇමතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට පැවරෙන බවත්ය.



Recommended Articles