පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරිමට තවමත් තීරණයක් ගෙන නොමැති බවත් එහෙත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පීඩාකාරී අධ්‍යාපන ක්‍රමයේ බර අඩු කිරිමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
ශිෂ්‍යත්වය අහෝසිකිරිමට නම් නම් පාසල් අතර තියෙන විෂමතාවය නැති කළ යුතු බවත් එය එකවර කිරිමට හැකි දෙයක් නොවන බවද පවසා සිටියාය.
2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජුලි 23 දින බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
"විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මනින්න පුරුදු වෙලා තියෙනවා. ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි අපි මේ මොඩියුල ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ ක්‍රමය තුළින් දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමයි අපේ අරමුණයි.
අපි පුරුදු වෙලා තියෙන්නේ ගුරුවරු දෙමව්පියෝ වගේම ළමයිනුත් විභාගෙකට සූදානම් වෙන අධ්‍යාපන ක්‍රමයකටයි. නමුත් මේ මොඩියුල ක්‍රමයේදී විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ළමයි ඉගෙන ගැනීමට යොමුවන අතරෙම, ඇගැයීමටත් ලක්වෙනවා.
නව විෂය නිර්දේශය අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක කිරීමට නියමිත 2029 වර්ෂයේ දීය. 2026 සිට මෙය අපි ක්‍රියාත්මක කරන්නේ 1 ශ්‍රේණිය සහ 6 වෙනි ශ්‍රේණියට පමණයි. අපිට මේ ක්‍රමය නිරීක්‍ෂණය කරන්න අවුරුදු 03ක් තියෙනවා. එහිදී මුහුණ දෙන්න වෙන තත්ත්වයන් සහ අවශ්‍යතා එක්ක අපිට පුළුවන් මේ ක්‍රමයේ අවශ්‍ය වෙනස්කම් කරන්න. අපි කොහෙදිවත් කියලා නෑ මේ ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ අවසානාත්මකයි කියලා. අවස්ථානුකූලව එය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
පන්ති කාමරය තුළ ළමයින් 25 - 30 දක්වා අඩු කරන්න අවශ්‍යයි. දැනට පන්ති කාමරයක ළමයි 40 ඉක්මවලා ඉන්න පන්ති කාමරත් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ නියමිත සිසුන් ගණනට වඩා සිසුන් ප්‍රමාණයක් පාසලට ඇතුළත් කරගන්න කියන අධ්‍යාපන ඇමති සහ ලේකම්ගේ නිර්දේශ මත සිදුවන ඇතුළත් කිරීම් නිසා. ඒ ක්‍රමය අපේ රජය යටතේ සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී පාසල්වලට ඇතුළත් වෙන්නේ ඒ අදාළ නියමිත සිසුන් ප්‍රමාණය පමණයි.
ඒ වගේම පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න අපි තාම තීරණයක් අරගෙන නැහැ. එහෙම කරන්න නම් පාසල් අතර තියෙන විෂමතාවය නැති කරන්න ඕනේ. ඒක අපිට එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන්ට ඇති වී තිබෙන, පීඩාකාරී අධ්‍යාපන ක්‍රමයේ බර අඩු කරන්න තමයි අපි මේ ප්‍රතිසංස්කරණ වලදි බලාපොරොත්තු වෙන්නේ.
පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ එම ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳ පූර්ණ නිරීක්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමටත් මෙම ප්‍රතිසංස්කරණ යටතේ අපි යෝජනා කරලා තියෙනවා. " යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.