ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල්වල පළමු වටයේ අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට


2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම 2026.01.12 දින සිට 2026.01.25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා (උපරිම) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.



Recommended Articles