ශිරන්ති, නාමල්, යෝෂිත අද අධිකරණයේදී හමුවෙයි


හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය හා පුතුන් වන නාමල් රාජ­පක්ෂ, යෝෂිත රාජ­පක්ෂ යන මහ­ත්ව­රුන්ට එරෙ­හිව පවරා ඇති දූෂණ නඩු තුනක් අද (13) කොළඹ අලු­ත්කඩේ උසාවි පරි­ශ්‍ර­යේදී විභා­ග­යට ගැනේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකු­වෙන් ලබා­ගත් රුපි­යල් මිලි­යන 10ක මුද­ලක් ‘සිරි­ලිය සවිය’ සංවි­ධා­නයේ ගිණු­ම­කට බැර කර සාවද්‍ය ලෙස පරි­හ­ර­ණය කිරීමේ චෝදනා යටතේ ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යට එරෙ­හිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය ඉදි­රියේ විභාග වේ.

රුපි­යල් මිලි­යන 100ක අල්ල­සක් ලබා­ගැ­නීමේ චෝද­නාව සම්බ­න්ධ­ ක්‍රිෂ් නඩුව පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව පවරා ඇති අතර එම නඩුවද අද දිනයේදී එම අධිකරණයේදීම කැඳවිමට නියමිතය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පසු­ගිය සැප්තැ­ම්බර් 16 වැනිදා සිට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින අතර, ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය පසු­ගිය 7 වැනිදා සිට රිමාන්ඩ් බන්ධ­නා­ගා­ර­ග­තව සිටියි.

නිසි අධ්‍යා­ප­නික සුදු­සු­කම් නොමැ­තිව නාවික හමුදා විධා­යක ශිෂ්‍ය­භට නිල­ධා­රි­යකු ලෙස බඳ­වා­ගෙන බ්‍රිතා­න්‍යයේ ‘Royal Navy Young Officers Course’ පාඨ­මා­ලා­වට සහ­භාගි වීමෙන් රජ­යට පාඩු කළ බවට චෝදනා කර යෝෂිත රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව පවරා ඇති නඩුව අද (13) කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ විභා­ග­යට ගැනේ.



Recommended Articles