ශාෆ්ටර් මහතාගේ මරණය ගැන සාක්ෂි විමසීම මහේස්ත්‍රාත් නිල කාමරයේදී


ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ නිල කාමරයේදී පැවැත්විණ.

එම පරීක්ෂණය මුලින්ම විවෘත අධිකරණයේ කැඳවූ අතර මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, මරණකරුගේ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමක් අනුව සාක්ෂි සටහන් කර ගැනීම තම නිල මැදිරියේ සිදුකරන බවය. ඒ් අනුව එම පරීක්ෂණය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි වුණේ නැත.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වනදා තෙක් කල් තැබුණි.

 



Recommended Articles