ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වනදා


දැනට රක්ෂිත බන්ධනාගාරයේ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උපපොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප‍්‍රතිශෝධන පෙත්සම ලබන 17 වනදා සලකා බැලීමට දින නියම කෙරුණි.

ඒ මෙම පෙත්සම අද දින විනිසුරු බන්දුල කරුණාරත්න ප‍්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.  

2013 දී ව්‍යාපාරික මොහොමඞ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන අය කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත‍්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත අතර ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් මහේස්ත‍්‍රාත් අධිකරණය සහ ගම්පහ මහාධිකරණය ප‍්‍රතික්ෂේප කළේය.

 



Recommended Articles