ශානි අබේසේකරට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට අධිකරණයෙන් නියෝගයක්


අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තුන්දෙනාට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවේ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තවදුරටත් මෙම නඩුව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත්  සාක්ෂි ඇති බවටයි.

ඒ අනුව ලබන වසරේ මාර්තු 2 වැනි දා යළි කැදවීමට නියමිතයි. 



Recommended Articles