ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්


අධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා හා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් යළිත් එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඔවුන් දෙදෙනා අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණ අතර නඩුව අද යළිත් කැඳවූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මෙසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.



Recommended Articles